March 29, 2024

ඌව පළාතට මහින්දෝදය තාක්ෂණික පීඨ 22 ක් 

ඌව පළාතේ මහින්දෝදය තාක්ෂණික පීඨ පාසල් 22 ක් තුළ ඉදිකිරීමේ සැමරුම් උත්සවය අද ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

එම උත්සවය බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ දී සිදු කළ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.

ඌව පළාතේ පාසල් 22 ක් තුළ එම මහින්දෝදය තාක්ෂණික පීඨ ඉදිකිරීමට නියමිතයි.

උපකරණ ද ඇතුළු ව එම එක් පීඨයක් ඉදිකිරීම සහා රුපියල් ලක්ෂ 300 ක මුදලක් වැයිවන බව වාර්තා වේ.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(0 votes)