April 25, 2024

උද්ධමනය පහළට 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (2006/07=100) විචල්‍ය මගින් මනින උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත, පූර්ව මාසයේ පැවති 4.9%හි සිට මැයි මාසයේ දී 3.2% දක්වා සැළකිය යුතු ලෙස පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම අගය 2012 පෙබරවාරි මාසයෙන් අනතුරු ව වාර්තා කළ අඩු ම අනුපාතිකය බව ද පෙන්වා දේ.

වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 2013 ජුනි මස සිට පෙන්නුම් කළ පහළ යාමේ උපනතියට අනුව යමින් 2014 අප්‍රේල් මස පැවති 5.6% සිට 2014 මැයි මාසයේ දී 5.3% ක් දක්වා තවදුරටත් පහළ වැටී ඇත. 

ආහාර නොවන ඛාණ්ඩයේ ඇතැම් අයිතමයන්ගේ මිල ගණන් අඩුවීම සහ 2013 මැයි මාසයේ පැවති ඉහළ පදනමෙහි බලපෑම, උද්ධමනයෙහි තියුණු පහළ යාම සඳහා හේතු වී තිබේ.

ආහාර නොවන ඛාණ්ඩය තුළ රෙදි හා පාවහන් උප කාණ්ඩයෙහි මිල ගණන් එම මාසය තුළ දී 0.1% කින් ඉහළ නැගුණ ද නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩයෙහි මිල ගණන් 0.1%කින් පහළ ගියේ ය. 

ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ දෛනික ගෘහ නඩත්තුව, ප්‍රවාහනය, සන්නිවේදනය, විනෝදාත්මක හා සංස්කෘතික, අධ්‍යාපන, සෞඛ්‍ය සහ විවිධ භාණ්ඩ හා සේවා යන සෙසු සියළු උප කාණ්ඩවල මිල ගණන් මාසය තුළ නොවනස් ව පැවතිණි. 

ඒ අතර පෙර මාසයට සාපේක්ෂ ව 2014 මැයි මාසයේ දී 1.3% කින් ඉහළ නැගුණ ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප ඛාණ්ඩය කොළඹ පාලන මිල දර්ශකයේ මාසික ඉහළ යාම සඳහා ප්‍රධාන දායකයා විය. 

ආහාර ඛාණ්ඩය තුළ සියලු ම වර්ගවල පාහේ එළවළු, නැවුම් මත්ස්‍ය වර්ග, අර්තාපල්, ලූණු, අමු මිරිස්, සමහර කුළු බඩු වර්ග සහ සීනි මිල ගණන්හි ඉහළ යාමක් වාර්තා විය.

කෙසේ වුව ද සමහර පළතුරු වර්ග සහ බිත්තර ආදියෙහි මිල ගණන් ජුනි මාසය තුළ සැළකිය යුතු ලෙස පහළ ගියේ ය.

මූලික උද්ධමනය 2014 මැයි මාසයේ දී ලක්ෂ්‍යමය පදනම සහ වාර්ෂික සාමාන්‍ය පදනම යන දෙයාකාරයෙන් ම පහළ ගියේ ය. 

ඒ අනුව 2013 ජුනි මස සිට තියුණු ලෙස පහළ වැටුණු වාර්ෂික සාමාන්‍ය උද්ධමනය එය හඳුන්වාදීමෙන් අනතරු ව වාර්තා කළ අඩුම අගය වූ 3.1%දක්වා 2014 මැයි මාසයේ දී ළඟා විය.

ලක්ෂමය මූලික උද්ධමනය ද 2014 අප්‍රේල් පැවති 3.4%හි සිට මැයි මාසයේ දී 3.3%දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)