April 19, 2024

ඔරලෝසු කණුව අලුත් වෙයි

1972 වසරේ ඉදිකළ අනුරාධපුර නගරයේ බැංකු පෙදෙස වටරවුමෙහි ඔරලෝසු කණුව ලංකා බැංකුව යළි ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම අද (02) සිදු කළ බව වාර්තා වේ.

එය විවෘත කරමින් ලංකා බැංකුවේ උතුරුමැද පළාත් භාර සහකාර මහා කළමණාකරු එච්එම්පීබී හේරත් මහතා  අනුරාධපුර නගරාධිපති එච්පී සෝමදාස මහතා වෙත ඔරලෝසු කණුව භාර දීමේ සංදේශය ප්‍රදානය කිරීම ද එම අවස්ථාවේ දී සිදු විය.

අමිල වනසිංහ

Rate this item
(0 votes)