April 20, 2024

''පීපල්ස් ඔටෝ ලෝන්'' නමින් වාහන ණය යෝජනා ක්‍රමයක්

වාහනයක් ගැනීමට සූදාමින් සිටින පුද්ගලයින් වෙනුවෙන් මහජන බැංකුව ''පීපල්ස් ඔටෝ ලෝන්'' නමින් වාහන ණය යෝජනා ක්‍රමය හඳන්වා දී තිබේ.

එමගින් නවීනත ම වාහන සඳහා බිල්පත් මිලෙන් 75% ක් ද නවීකරණය කළ ද ලියාපදංචි නොකළ වාහන සඳහා තක්සේරු වටිනාකමින් 75% ක් ද ලියාපදිංචි කළ වාහන සඳහා තක්සේරු වටිනාකමින් 60% ක් ද ණය මුදල් ලෙස ලබා ගත හැකි ය.

ණය මුදල් ආපසු ගෙවීම උපරිම වසර 05-07 ක කාලයක් ලබාදෙන අතර වසර 05 ක් සඳහා රුපියල් ලක්ෂයකට ගෙවිය යුතු මාසික වාරිකය රුපියල් 2,378.99 ක් බව වාර්තා වේ. 

වසර 07 ක කාලයක් සඳහා රුපියල් ලක්ෂයකට ගෙවිය යුතු මාසික වාරිකය රුපියල් 1,929.68 ක් බව  ද මහජන බැංකුව පෙන්වා දේ.

Rate this item
(1 Vote)