April 20, 2024

ලොකු ළූණු බීජ හිඟ වෙයි - මිළ ඉහළ යයි 

බීජ හිඟවීම හේතුවෙන් ලොකු ළූණු බීජ කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 12,000 සිට රුපියල් 18,000 දක්වා ඉහළ ගොස් ඇති බව  වෙළඳපොල වාර්තා සඳහන් කරයි.

දඹුල්ල, මාතලේ සහ පොළොන්නරුව යන ප‍්‍රදේශවල මේ වනවිට ලොකු ළූණු බීජ තවාන් දැමීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය කාල සීමාවේ දී ලොකු ළූණු බීජ කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 8,000 ත් 12,000 ත් අතර ප‍්‍රමාණයක පැවතිණ.

Rate this item
(0 votes)