April 25, 2024

'SMIDEX-2014' ප්‍රදර්ශණයට මහජන බැංකුව එක්වෙයි  

කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 'SMIDEX-2014' සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහි මහජන බැංකුවේ ප්‍රදර්ශන කුටියක් ස්ථාපිත කර තිබූ අතර, එය ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසගේ විශේෂ අවධානයට ලක්විය. 

එහිදී මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රම පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කෙරුණු අතර, පීපල්ස් මොබයිල් බෑංකින් සම්බන්ධතා රැසක් එවෙලේම ලබාදීමටද කටයුතු කෙරිණි.

Rate this item
(0 votes)