April 25, 2024

ලංකාව ඉහළම ආදායම සොයයි

ශී‍්‍ර ලංකාව පසුගිය මාසට තුළ ලැබු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 167 ක් බවත් එය මෙතෙක් මෙරට එක් මසක් තූළ ලැබු ඉහලහ ආදායම බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

අපනයන ආදායම මෙවැනි අගයක් ගැනීමට නව අධිවේගී මාර්ග ඇතුලූ මාර්ග පද්ධතියේ සංවර්ධනය ද බෙහෙවින් ඉවහල් වූ බවත් මේ වසර තුළ සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවා ඇති බවත් පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයන් 147,000 ක් පැමිණ ඇති බවත් මේ වසර අවසානය වන විට සංචාරකයින්ගේ පැමිණිම මසකට ලක්ෂ දෙක වර්ධනය කර ගැනීම අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශී‍්‍ර ලංකාව පසුගිය වසර කිහිපය තුළ ආර්ථික ජයග‍්‍රහණ රැසක් ලබා තිබෙන බවත් සෑම ක්ෂේත‍්‍රයකම ප‍්‍රගතියක් ලබා තිබෙන බවත් රට සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ වත්මන් රජය වැඩසටහන් කි‍්‍රයාත්මක කර තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.

ඇෆ්ගනිස්ථානය, ජර්මනිය, මාලදිවයින ඇතුලූ රටවල් එකොළහකට තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් ලෙස පත්වීම් ලබා ශී‍්‍ර ලංකාවෙන් නික්ම යාමට නියමිත පිරිස සමඟ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)