April 24, 2024

පළමු තැන මැලිබන් වෙත

දශක හයකට වැඩි කාලයක්‌ පුරාවට ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනූ නාමයක්‌ වන මැලිබන් තවත් වැදගත් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කිරීමට සමත් වුණි. එනම්, LMD සඟරාව විසින් පවත්වනු ලැබූ සමීක්‍ෂණයකට අනුව කොටස්‌ වෙළෙඳපොළේ ලැයිස්‌තුගත වී නොමැති සමාගම් අතරින් ආහාර අංශයේ ප්‍රථම ස්‌ථානය දිනා ගැනීමයි. කොටස්‌ වෙළෙඳපොළේ ලැයිස්‌තුගත නොවූ සමස්‌ත සමාගම් අංශයේ විශාල සහ කුඩා වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ විශිෂ්ට ජයග්‍රහණයක්‌ වාර්තා කරමින් දෙවන ස්‌ථානය දිනාගැනීමට ද මැලිබන් වෙත හැකියාව ලැබිණි.

Rate this item
(0 votes)