April 25, 2024

“සුබ පැතුම්“ අධ්‍යාපනික ශිෂ්‍යත්වයට අයැදුම්පත් කැඳවයි

“සුබ පැතුම්“ අධ්‍යාපනික ශිෂ්‍යත්වය සඳහා 2013 අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන්ගෙන් අයැදුම්පත් භාර ගැනීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය ආරම්භ කර තිබේ.

ඒ සඳහා මැයි 31 වැනි දා දක්වා අපොස සාමාන්‍ය පෙළ සමත් සිසුන්ට අයැදුම් කළ හැකි ය. 

එම අයැදුම්පත් අතරින් එක් දිස්ත්‍රක්කයකින් හොඳ ම ප්‍රතිඵල පෙන්වා ඇති සිසුන් 04 දෙනෙක් තෝරා ගන්නා අතර දිවයිනේ දිස්ත්‍රික් 25 න් සිසුන් 100 දෙනෙක් තෝරා ඔවුන්ට රුපියල් 40,000 බැගින් ශිෂ්‍යත්ව දීමනාවක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

Rate this item
(0 votes)