March 29, 2024

සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් සංචාරක කර්මාන්ත මණ්ඩලයට 

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරක සේවා සපයන සියළු සංචාරක කර්මාන්ත පාර්ශ්වකරුවන් සිය මණ්ඩලය යටතට එක් කර ගැනීම සඳහා සිය සාමාජික පදනම පුළුල් කිරීමේ වැඩසටහනක නිරතවීමට ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලය පසුගිය දා කටයුතු කර තිබේ.

ඒ අනුව එහි ප්‍රථම පියවර ලෙස සංචාරක කර්මාන්ත මණ්ඩල නියෝජිත පිරිසක් සීගිරිය, දඹුල්ල, මාතලේ, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරයක නිරත විය.

ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඒඑම් ෆවුසර් , මහලේකම් යූපීඑස් පතිරණ ඇතුළු පිරිසක් සහභාගී වූ බව වාර්තා වේ.

එහි දී අදාල ප්‍රදේශවල සංචාරයක යෙදෙමින් සංචාරක ක්ෂේත්‍රයේ නියැලි පුද්ගලයින් මෙන් ම හෝටල්, ආගන්තුක නිවාස, ආපන ශාලා සහ කුළු බඩු උයන් හිමිකරුවන් සහ සංචාරක රියැදුරු සංගම් නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 May 2014 11:09