April 24, 2024

ලංකා බැංකුවෙන් තෑගි

ලංකා බැංකුව, රටවිරුවන්ට ශ්‍රී ලංකාවේ සිටින සිය සමීපතමයන්ට පහසුවෙන් මුදල් ප්‍රේරණය කිරීම සඳහා හඳුන්වා දී ඇති BOC Smart Remit ක්‍රමය භාවිත කළ ගනුදෙනුකරුවන්ට තෑගි පිරිනැමීම සිදු කර තිබේ.

2013 වසරේ දී ඔක්තෝම්බර් 01 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා ලංකා බැංකුව හරහා මුදල් ප්‍රේරණය වූ ජයජයග්‍රාහකයින්ට අඟල් 32 LED රූපවාහිනි යන්ත්‍ර 15 ක්, ස්මාර්ට් ජංගම දුරකතන 15 ක් සහ ට්‍රැවලින් බෑග් 170 ක් දිනා ගැනීමට අවස්ථාව උදා වී ඇත.

දිවයින පුරා පිහිටා ඇති 617 ක ශාඛා ජාලය සහ ATM යන්ත්‍ර මගින් ලෝකයේ ඕනෑ ම රටක සිට එවන මුදල් සිය ගිණුම හරහා ලබා ගැනීමේ හැකියාව සහ ගිණුමක් නොමැති පුද්ගලයෙකුට වුව ද ඕනෑ ම ශාඛාවකින් BOC Smart Remit හරහා මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.

Rate this item
(0 votes)