April 18, 2024

අති නවීන තාක්ෂණය සමගින් මොබිටෙල්

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයේ ඊළඟ පියවර උදෙසා වූ අති නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ දී පෙරමුණ ගැනීමට තමන් සූදානම් බව මොබිටෙල් ආයතනය සඳහන් කරයි.

එසේ ම සිය අන්තර්ජාල සහ බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් වර්ධනය කිරීමටත් නව තොරතුරු හා සන්නිවේදන යෙදවුම් (ICT Applications) හඳුන්වාදීමටත් එම සමාගම අපේක්ෂා කරයි.

සිය සේවා පුළුල් කිරීම් යටතේ නව සන්නිවේදන මධ්‍යස්ථාන (Base Stations) 1,800 ක් ස්ථාපනය කිරීම 2013 වසරේ දී ආරම්භ කෙරිණි.

මේ වනවිට පවතින එම සන්නිවේදන මධ්‍යස්ථාන 3,500 ක් සමග එම සංවර්ධනයේ ප්‍රතිඵල එක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණය 100% ක් ආවරණය කිරීම එහි අරමුණ බව වාර්තා වේ. 

Rate this item
(0 votes)