April 20, 2024

තුඹ කරවිල වගාවෙන් දින 04 කට රුපියල් 12,500 ක්

September 24, 2015

තුඹ කරවිල වගා කිරීමෙන් දින 04 කට රුපියල් 12,500 ක මුදලක් උපයා ගනු ලබන ගොවි මහතෙකු ගලේවෙල, දඩුබදිරුප්ප දේවහුව ප්‍රදේශයේ පදිංචි ව සිටී.

කේ. ඒ. ලසිරිමන් නමැති 67 හැවිරිදි ගොවි මහතා ගොවිතැන් අත්හදා බලන පුද්ගලයෙකි. මෙවර ඔහු ප්‍රථම වතාවට තුඹ කරවිල වගාව ආරම්භ කර ඇත.

පැළ 300ක වගා කර අස්වනු නෙලීම මේ දිනවල සිදු කරයි. දින 04 කට වරක් කිලෝ 25 බැගින් අස්වනු නෙලා ගනීමට හැකි බවත් කිලෝවක් රුපියල් 500 බැගින් ඔහුගේ නිවසටම වෙළෙඳුන් පැමිණ රැගෙන යන බවත් එම ගොවි මහතා සඳහන් කරයි.

මෙම වගාව වසර 04 ක් එක දිගට අස්වැන්න ලැබෙන බව ද කියයි. මේ සඳහා ගොම පොහොර හැර කිසිදු රසායනික ද්‍රව්‍යයක් යොදවා නොමැත.

මෙම ගොවි මහතා මීට පෙර අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක ඉඟුරු වගා කර රුපියල් ලක්ෂ 03ක මුදලක් උපයාගෙන තිබේ.

කාංචන කුමාර ආරියදාස

Rate this item
(1 Vote)