March 29, 2024

සෝමාවතියට යන මාර්ගය සංවර්ධනය කෙරේ

පොලොන්නරුව සිට සෝමාවතී පුදබිම දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3,500ක ආයෝජනයක් සිදු කර ඇති බවත් එම මාර්ගය ලබන ජුනි මාසයේ දී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

එහි සමස්ත ආයෝජනය ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය දරා ඇති අතර එම මාර්ගය බෝක්කු 109 කින්, විශාල පාලම් 04 කින් යුක්ත වේ.

එම මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝ මීටර් 38 ක්වන අතර එහි කිලෝ මීටර් 26ක් කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර ඉතිරි කිලෝ මීටර් 12ක ප්‍රමාණය කොන්‍ක්‍රීට් අතුරා සංවර්ධනය කර තිබේ.

Rate this item
(0 votes)