April 25, 2024

සාර්ක් චිත‍්‍රපට උළෙලේ චිත්‍රපට ප්‍රදර්ශණයක් අදත්

සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සිව්වැනි වරට සංවිධාන කරන සාර්ක් චිත‍්‍රපට උළෙලේ අද කෙටි චිත්‍රපට 03ක් සමගින් එක් වෘතාන්ත චිත්‍රපටයක් ප්‍රදර්ශණය කිරීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 03.30ට පකිස්තානු කෙටි චිත්‍රපටයක්වන "Our Jacob", ශ්‍රී ලාංකීය කෙටි චිත්‍රපටවන "Cynical Legacies" සහ "Bathalangunduwa" ප්‍රදර්ශනය කිරීමට නියමිත ව ඇති අතර පස්වරු 06.30ට "Main hoom Shaid Afridi"  පකිස්තානු වෘත්තාංත චිත්‍රපටය ද ප්‍රදර්ශනය කෙරේ.

ඊයේ "Makara" සහ " Pahada" ඉන්දියානු කෙටි චිත්‍රපට 02 සමගින් මාලදිවයින් වෘත්තාන්ත චිත්‍රපටයක්වන "Ingili" (Finger) ප්‍රදර්ශනය කර ඇත.

චිත්‍රපට උළෙල 25 වැනි දා දක්වා ශ‍්‍රී ලංකා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

එම චිත‍්‍රපට උළෙල සඳහා දකුණු ආසියානු කලාපීය සාමාජික රාජ්‍යයන් වන ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, පාකිස්ථානය හා ශ‍්‍රී ලංකාව ආදී රටවල චිත්‍රපට තෝරාගෙන තිබේ.

සාර්ක් චිත‍්‍රපට උළෙල සඳහා වෘතාන්ත හා කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන අතර සියළු චිත‍්‍රපට දර්ශන මහජනතාවට නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමි වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 23 May 2014 15:44