April 25, 2024

සමුපකාර රක්‍ෂණයට ජගත් සම්මානයක්

මෙරට තෙවැනි විශාලතම ශාඛා ජාලයට හිමිකම් කියන සමුපකාර රක්‍ෂණ සමාගම පසුගියදා ජර්මනියේ Frankfurt මෙරඑ නුවර පැවති වාර්ෂික Arch of Europe For Quality and Technology 2013 සම්මාන උළෙළේදී හොඳම රක්‍ෂණ සමාගමට හිමි Diamond සම්මානය දිනා ගන්නා ලදී.

මෙම සම්මානය මගින් සමාගමේ අඛණ්ඩ වර්ධනය, කළමනාකරණ ක‍්‍රියාවලිය, සමාජයීය දායකත්වය ආදී විවිධ අංශ තුළින් ලද සාර්ථකත්වය හා දායකත්වය ඇගයීමට ලක් වූ අතර මෙම අවස්ථාව සඳහා සමාගමේ සභාපති ලලිත් ඒ පීරිස් මහතා හා ප‍්‍රධාන විධායක නිලධාරී දමිත නාරංගොඩ මහතා සහභාගී විය.

සමුපකාර ක‍්‍රමය තුළ පවතින හර සංකල්පයන් ඔස්සේ යමින් සෑම පැළැන්තියකම අයෙකුට සිය ජීවිත හා දේපළ ආරක්‍ෂා කර ගැනීම උදෙසා කළ කැපකිරීම, නව්‍යකරණය තුළින් ආකර්ශණීය නිෂ්පාදිත පෙළක් ඉදිරිපත් කිරීම හා එමගින් සමාගම ලද සාර්ථකත්වය තවදුරටත් මෙම සම්මානයෙන් තහවුරු වූ බව එහි සභාපති ලලිත් ඒ. පීරිස් මහතා පැවසී ය.

පුරා වසර 15 ක් මෙරට රක්‍ෂණ කර්මාන්තය තුළ නිහඬ සේවාවක් කරන සමුපකාර රක්‍ෂණ සමාගම ඉදිරියේදී සිය සේවා ජාලය වඩාත් පුලුල් කරමින් සිය පාරිභෝගිකයන්ට උපරිම සත්කාරයක් ලබා දීමට අවශ්‍ය පියවර දැනටමත් සකස් කර තිබේ.

එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී දමිත නාරංගොඩ මහතා පැවසූවේ මෙරට රක්‍ෂණ නීතිය උල්ලංඝනය නොවන අයුරින් ව්‍යාපාර කටයුතු කිරීමත්, සමාජ වගකීම නිසි අයුරින් ඉටු කිරීමත් මෙම සම්මානය සඳහා ඉවහල්ව ඇති බවත් එහිදී මධ්‍යම ආණ්ඩුව හා රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට අනුගතව රක්‍ෂණ ආයතන පිළිබඳව නියාමන ආයතනය හා නිසි සම්බන්ධතා පවත්වා ගනිමින් ගණුදෙනු කරුවන්ට ඉහළ සේවාවක් ලබාදීම සඳහා ඉදිරියේදීද කටයුතු කරන බවයි.

පසුගිය වසර කිහිපය තුළ සමාගමේ සාර්ථකත්වය හා එහි වාර්ෂික වාර්තාව විවිධ දේශීය හා ජාත්‍යන්තර සම්මාන උළෙලවල්වලදී ඇගයීමට හා සම්මානයට පාත‍්‍ර වීම සමාගමේ සාර්ථකත්වය පිළිබිඹු වන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. සිය පාරිභෝගිකයන් හට නිරන්තරයෙන් ප‍්‍රමුඛතාව ලබා දෙමින් සමුපකාර රක්‍ෂණ සමාගම ලොව පිළිගත් අඩුමිල සංකල්පය ඔස්සේ ආකර්ශණිය රක්‍ෂණ සැලසුම් රක්‍ෂණ වෙළෙඳපළට ඉදිරිපත් කර ඇත.

එමගින් මධ්‍යම හා අඩු ආදායම් ලාභීන් නියෝජනය කරනු ලබන ග‍්‍රාමීය හා අර්ධ නාගරික ජන කොටස සඳහා රක්‍ෂණ සේවාව සමීප කිරීමට හැකියාව ලැබී තිබේ.

Rate this item
(0 votes)