පුද්ගලික ප‍්‍රවාහන සේවා ගරු අමාත්‍ය සී.බී. රත්නායක මැතිතුමාගේ අදහසකට අනුව කි‍්‍රයාවට නංවන මෙම වැඩසටහන යටතේ අන්තර් පළාත් බස්රථ සදහා ස්ටිකර් ඇලවීම 09 වැනි දා පෙරවරුවේ බැස්ටියන් මාවත බස්රථ පර්යන්තයෙහිදී පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, අමාත්‍ය පෞද්ගලික ලේකම් අභීත රත්නායක, අමාත්‍යාංශ උපදේශක නිහාල් පේ‍්‍රමසිංහ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන, අධ්‍යක්‍ෂ ජනරාල් විජිතා වීරසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
පෞද්ගලික බස්රථ වලදි කාන්තාවන්ට වන හිරිහැර 071 655 0000 හා 1955 යන ක්‍ෂණික දුරකතන අංකයන්ට දැනුම්දෙන ලෙස අමාත්‍යාංශය මගින්ගෙන් ඉල්ලා සිටි.
ජාත්‍යන්තර කාන්තා දිනයේ මෙවර තේමාව ‘‘ඇගේ ශක්තිය - දැයේ ශක්තියයි’’ යන්නයි.