April 23, 2024

ජාත්‍යන්තර සංචාරක සමාගමක් ලංකාවට

ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් කෙන්ට් ජාත්‍යන්තර සංචාරක සමාගම ශ‍්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම පසුගිය 13 වැනි දා සිදුකෙරිණි. 

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තතා වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහභාගි විය. 

යුනයිටඩ් හොලිඩේ සංචාරක සමාගමේ සභාපති අෆ්ගාර්මොහිදීන් මහතා ඇබර්ක්‍රොම්බිඇන්ඩ් කෙන්ට් ශ‍්‍රී ලංකා ශාඛාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. 

1962 වසරේ ආරම්භ කර ඇති ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් කෙන්ට් සමාගම ජාත්‍යන්තරව පිළිගත් සංචාරක සමාගමක් වන අතර එය සතුව ලොව පුරා ශාඛා 50 ක් ඇත. ශ‍්‍රී ලංකා ශාඛාව ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් කෙන්ට් සමාගමේ 51 වන ජාත්‍යන්තර ශාඛාවයි.

Rate this item
(0 votes)