April 25, 2024

ඔඩිලියා වෙතින් තවත් සුපිරි නිවාස සංකීර්ණ දෙකක් 

සුපිරි පහසුකම්වලින් යුත් සුපිරි නිවාස සංකීර්ණ දෙකක් මාලබේ සහ ජා ඇල ප්‍රදේශයට ලබා දීමට ඔඩිලියා නිවාස සහ දේපල වෙළඳාම් පුද්ගලික සමාගම මේ වනවිට ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.

 

මාලබේ සහ ජා ඇල නගර දෙකෙහි එම ව්‍යාපෘති දෙක යටතේ අති සුඛෝපභෝගී නිවාස 29 ක් මෙතෙක් ලබාගත නොහැකි මිල ගණන්වලින් ජනතාවට ලබාදීමට එම ආයතනය කටයුතු කරයි.

ඔඩිලියා සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවෙක්වන ඔඩිලියා නිවාස සහ දේපල වෙළඳාම් පුද්ගලික සමාගමේ දෙවැනි වර්ෂ පූර්ණය නිමිති කරගෙගන එම සුපිරි නිවාස සංකීර්ණ ඉදිකරන බව වාර්තා වේ.

ඒ අනුව මාලබේ ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීණයේ නිවාස 11 ක් ද ජා ඇල ප්‍රදේශයේ නිවාස 18 ක් ද මේ වනවිට සියළු ඉදිකිරීම් කටයුතු නිමවා අලෙවිය සඳහා සූදානම් තත්ත්වයේ පවතින බව ඔඩිලියා නිවාස සහ දේපල වෙළඳාම් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

එම ගොඩනැගිලි ඉතා උසස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදි කර ඇති බවට ඔඩිලියා නිවාස සහ ඉදිකිරීම් සමාගම විසින් සහතික වේ.

එසේ ම එම නිවාස නිවැසියන්ගේ ආරක්ෂාව උපරිම අන්දමින් රැකෙන ප්‍රියමනාප වටපිටාවක් සහිත පදිංචියට යෝග්‍ය ප්‍රදේශ දෙකක ඉදිකර තිබීම ද විශේෂත්වයකි.

මෑත කාලයේ දී සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඔඩිලියා රෙසිඩන්ස් නමින් මීගමුව ප්‍රදේශයේ දී ඉදිකළ අතර ඊට අමතර ව බත්තරමුල්ල, සීදුව සහ ගාල්ල ප්‍රදේශවල ද වටිනා ඉඩම් අලවියේ නිරත ව සිටී.

ඊට අතිරේක ව ඔඩිලියා සමූහ ව්‍යාපාරය මීගමුව, ජා ඇල ශ්‍යානි ජේම්ස් ඇන්ඩ් ජුවලර්ස්, මීගමුව ප්‍රදේශයේ ජන්‍රපිය ඔඩිලියා බේකරි 16 ක් ද පවත්වාගෙන යයි.

1965 වසරේ සිට ඩීඒ ප්‍රනාන්දු සහ සමාගම හා “ද හිල්ස්“ නමින් නුවරඑළිය ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලක් ද පවත්වාගෙන යන අතර “බීච් ඒජ්“ නම් වූ තරු හතරේ හෝටලයක් ද මීගමුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 12:29