March 28, 2024

ලෝකයේ ප්‍රථම බෙන්ස් රථ 12න් එකක් ලංකාවේ

ශ‍්‍රී ලංකාවේ මර්සිඩිස් බෙන්ස් රථවාහන සඳහා නියෝජිතයින් වන ඩිමෝ ආයතනයයේ මධ්‍යස්ථානය සහ ප‍්‍රදර්ශනාගාරය ඩිමෝ 800, පසුගිය දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය. 

කොළඹ 14 සිරිමාවෝ බණ්ඩාරණායක මාවතේ පිහිටා ඇති මෙම නව ප‍්‍රදර්ශනාගාරය හා මධ්‍යස්ථානය සඳහා ආයෝජනය කර ඇතිමුදල රුපියල් බිලියන 3.5 කි. අක්කර 3.5 ක භූමිභාගයක් පුරා ඉදිකර ඇතිමෙම නව මධ්‍යස්ථානය වාහන 400 ක් නැවතීමේ පහසුකම්, මෝටර්රථ 100 ක් එකවර අලුත්වැඩියා කිරීමේ සහ පරීක්‍ෂා කිරීමේ පහසුකම්, එකවර 1000 ට රැස්විය හැකි සම්මන්ත‍්‍රණ ශාලාවක්, පුද්ගලයින් 100 ක් සඳහා එකවර පුහුණුව ලබාදිය හැකිපුහුණු මධ්‍යස්ථානයක්, රථ වාහන කෞතුකාගාරයක් සහිතව ඉදිකර ඇත. 

දකුණු ආසියාවේ පවතින නවීනතම තාක්‍ෂණික උපකරණ වලින් සමන්විතව මෙම සේවා මධ්‍යස්ථානය ඉදිකර ඇත. ලෝකයේ ප‍්‍රථමයෙන්ම නිෂ්පාදනය කරන ලද මර්සිඩීස් බෙන්ස් රථ 12 න් එක් රථයක් ද මෙහි ඇති කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇති අතර එය මේවන විටද ක‍්‍රියාකාරීත්වයේ  පවතී.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 May 2014 11:52