April 20, 2024

රන් මිල පහළට

ඊයේ වනවිට ලෝක වෙළඳපොලේ රන් මිල පහළ ගොස් ඇතැයි වාර්තා වේ.

රන් අවුන්සයක මිල ඊයේ දිනය තුළ ඩොලර් 12 කට වැඩි ප‍්‍රමාණයකින් පහත වැටුණු අතර එම මිල ඩොලර් 1293යි ශත 60 ක් ලෙස සටහන් විය. 

යුරෝපාකරයේ ආර්ථික වර්ධනය මන්දගාමීවීම හේතුවෙන් ඩොලරය ශක්තිමත්වීම ඊට ප‍්‍රධාන හේතුව බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Rate this item
(0 votes)