April 18, 2024

ලොකු ලූනු මිලට ගන්න ක්‍රමවත් වැඩ පිළිවෙළක්

දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන ලොකු ලූනු මිලදී ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබාදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක මූලික කොටගෙන ක්‍රියාත්මක ලොකු ලූනු වගා කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2015 වන විට හෙක්ටයාර් 2000ක ලොකු ලූනු වගා කිරීමට නියමිත අතර අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 5000කි. මෙම ප්‍රමාණය ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවෙන් මාස 3ක පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වේ.

Rate this item
(0 votes)