March 28, 2024

වෙසක්වලට මුද්දර 

වෙසක් සමය නිමිති කර ගනිමින් සමරු මුද්දර 04 ක්, සමරු පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ඊයේ තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළේ ය.

අභිනික්මන අරමුණු කර ගත් රූප, නාටිකාවන් දැක කලකිරීම, රාහුල කුමරු දෙස බැලීම, ඡන්න සමගින් නේරංජනාව තරණය කිරීම, කේශ ඡේදනය යන රූප එහි ඇතුළත් වේ.

සිහිවටන පත්‍රිකාව රුපියල් 50 ක් වන අතර මුද්දර රුපියල් 05.00, 10.00, 15.00, 20.00 දක්වා වටිනාකමින් යුක්ත වේ.

Rate this item
(0 votes)