ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා මලයාසියාවේ හයිරැක්ස් ඔයිල් SDN BHD ආයතනය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ලිහිසි තෙල් නිපදවීමේ කර්මාන්තයක් ඇති කිරීමට තීරණය කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 09ක ආයෝජනයක් යටතේ එම ඒකාබද්ධ ව්‍යාපෘතිය ඇති කිරීමටත්, එමඟින් දේශීය හා අපනයන වෙළෙඳපොළට එම නිෂ්පාදන සැපයීමටත් ඛණිජතෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ද හිමි වී ඇත.