April 20, 2024

ඉතුරුම් මහ ගෙදරින් ගිණුම් තුනක්

සිය අභිමානනීය 42 වන සැමරුම නිමිත්තෙන් දිවි සුරුකුම්, දිරිය දියණිය සහ බුද්ධි නමින් ඉතුරු කිරීමේ ගිණුම් 03ක් හඳුන්වාදීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කර තිබුණි.

 

පුරා දශක 04කට අධික කාලයක් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ඉතුරු කිරීම් හුරුකරමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව කටයුතු කර ඇත. 

ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිය සේවාව තවදුරටත් පුළුල් කරමින් මාතර නගර මධ්‍යයේ ඉදිකළ තෙමහල් කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ විවෘත කෙරිණි.

මුල් තැන්පතුකරුවන් සඳහා තිළිණ ප්‍රදානයත් කලාකරුවන් සඳහා වූ වාහන ණය ලබාදීම සංකේතවත් කරමින් බන්දුල කාරියවසම් මහතා වෙත ණය මුදල් ප්‍රදානය කිරීමත් මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

Rate this item
(0 votes)