April 25, 2024

පොහොරවලට නව රසායනාගාරයක් 

ලංකා පොහොර සමාගමේ නව රසායනාගාරය පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ලංකා පොහොර සමාගමේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාවට සමගාමීව නව රසායනාගාරය විවෘත කිරීම සිදු කර තිබේ.

වත්තල, හුණුපිටියේ පිහිටි ලංකා පොහොර සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ මෙම නව රසායනාගාරය ස්ථාපිත කර ඇති අතර නව රසායනාගාරය මඟින් පොහොරවල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීම, පොහොරවල සංයුතිය පරීක්‍ෂා කිරීම, පස් සාම්පල් පරීක්‍ෂා කිරීම, පොහොර ඇසුරුම් මලුවල තත්ත්ව පරීක්‍ෂාව සහ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ අනෙකුත් රසායනාගාර කටයුතු සිදු කළ හැකි වේ.

1964 වසරේ ආරම්භ කළ ලංකා පොහොර සමාගම 1992 වසරේදී සමාගමක් බවට පත් කර ඇත. කලක් පාඩු ලබන තත්ත්වයේ පැවති මෙම ආයතනය 2013 වසරේදී මහා භාණ්ඩාගාරයට ලාභාංශ වශයෙන් රුපියල් මිලියන 39ක් ලබාදී ඇත. එසේම ISO 9001 තත්ත්ව සහතිකය, ISO 17025:2005 තත්ත්ව සහතිකය ඇතුළු සම්මාන රැසක්ද හිමිකරගෙන තිබේ. රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ වී වගාව සඳහා ලබාදෙන පොහොර සහනාධාරයෙන් සියයට 65ක ප‍්‍රමාණයක් ලංකා පොහොර සමාගම මඟින් ලබා දෙනු ඇත.

Rate this item
(0 votes)