April 16, 2024

අඩු ආදායම්ලාභීන්ට විදුලිය ලබා ගන්න ණය

ග්‍රාමීය අඩු ආදායම්ලාභී පවුල්වලට නව විදුලි සබඳතා ලබාදීම සඳහා ණය ආධාර ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදුලිබල හා බල ශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම වැඩසටහනේ ප්‍රථම අදියර හම්බන්තොට, අම්පාර සහ රත්නපුර යන දිස්ත්‍රික්වල අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරයි.

ඒ අනුව එක් පවුලක් සඳහා රුපියල් 40,000 ක උපරිමයකට යටත් ව ණය මුදල් ලබාදෙන අතර එය මාස 06 ක් තුළ කොටස් වශයෙන් ගෙවා නිම කිරීමට අවස්ථාව හිමිවන බව වාර්තා වේ.

Rate this item
(0 votes)