March 29, 2024

පොල් ආශ්‍රිත අපනයන ආදායම ඉහළට 

පොල් ආශ්‍රිත අපනයන ආදායම 2013 වසරට සාපේක්ෂ ව 2014 වසරේ ජනවාරි මාසයේ දී 94% ක් වර්ධනය වී ඇති බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

2013 වසරේ පොල් නිෂ්පාදන අපනයනවල සමස්ත ආදායම රුපියල් මිලියන 44,952 ක් වූ අතර එය 2014 ජනවාරි මාසයේ පමණක් රුපියල් මිලියන 4,768 ක් වී ඇත.

එය 2013 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂ ව 94% ක වර්ධනයකි.

පොල් ආශ්‍රිත නිෂ්පාදන භාණ්ඩ වර්ග 05 ක් යටතේ අපනයනය කරන අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන භාණ්ඩ 35 කට ආසන්න ප්‍රමාණයක් ලොව පුරා රටවල් 135 කට පමණ අපනයනය කරයි. 

Rate this item
(0 votes)