April 24, 2024

ශ‍්‍රී ලංකාව සහ බහරේන් අතර ගිවිසුම් හතරක්

ශ‍්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය දෙරට අතර සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් හතරකට මනමා නුවර අල්-සඛීර් (Al-Sakhir) මාලිගයේ දී ඊයේ (28) අත්සන් තැබීය.

ඉන් ගිවිසුම් තුනකින් ක‍්‍රීඩා, සංස්කෘතික හා කලා ක්ෂේත‍්‍ර ආවරණය කෙරෙන අතර අනෙක කොළඹ විශ්වවිද්‍යාලය හා බහරේන් විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකි.

දෙදින රාජ්‍ය චාරිකාවක් සඳහා දැන් බහරේන් වෙත ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිළිගැනීමේ නිල උත්සවය අල්-සඛීර් (Al-Sakhir) මාලිගයේ දී පැවැත්විණි. 

බහරේනයේ හමාද් බින් ඉසා අල්-ඛලීෆා (King Hamad bin Isa Al Khalifa) රජතුමා, අග‍්‍රාමාත්‍ය ඛලීෆා බින් සල්මාන් බින් හමාඩ් අල් ඛලීෆා කුමරු (Khalifa bin Salman Al Khalifa) සහ බහරේන් හි සෙසු ඉහළ නිලධාරීන් විසින් ජනාධිපතිවයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු බහරේන් හි චාරිකා කරන ප‍්‍රථම අවස්ථාව මෙය බව සඳහන් කළ ජනාධිපති වරයා “දෙරට අතර සබඳතාවන් හි සුහද බව හා පරිණත බව”, ඉන් සලකුණු කරන බව කීය.

ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ නායකයෝ දෙදෙන අන්තර්ජාතික වේදිකාවල දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක‍්‍රියාකිරීමට එකඟත්වය පළ කළහ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 April 2014 10:39