April 23, 2024

නෙස්ලේ සමාගමෙන් ග්‍රාමීය ගොවීන්ට සෙත

නෙස්ලේ ලංකා සමාගම ග්‍රාමීය ප්‍රදේශවල කිරි සහ පොල් ගොවීන්ගේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 05ක දායකත්වයක් දක්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දේශීය කිරි ගොවීන් 18,000 දෙනෙක්ගෙන් කිරි ලීටර් මිලියන 62 ක් ලබාගෙන ඇති බව නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගනේෂන් අම්පාලවනාර් මහතා සඳහන් කළේ ය.

නෙස්ලේ ලංකා සමාගම නිෂ්පාදනය කරන මැගී පිටි කළ පොල් කිරි සඳහා එම ප්‍රදේශවලින් රුපියල් මිලියන 56 ක පොල් ලබා ගන්නා බව ද ඔහු පැවසී ය.

Rate this item
(0 votes)