July 14, 2020

ජනපතිවරණයට 'විපක්ෂයෙන් සන්ධානයක්'

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සෝභිත හිමියන් ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපතිවරණයේදී එජාපය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනගන බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ජනාධිපතිවරණය හා ඒ සම්බන්ධව ඇති ප්‍රශ්ණ පිළිබඳ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සමග ඒෂියන් මිරර් සිදුකළ සාකච්ඡාවකි මේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමි තීරණය කර තිබෙන බව මාධ්‍ය වාර්තා කළා. පොදු අපේක්‍ෂකයෙකුට සහය දෙන්න එජාපය සූදානම්ද?

එහෙම කිසිම තීරණයක් අරගෙන නෑ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් නිල වශයෙන් දැනුම්දුන්නාට පස්සේ තමයි පක්ෂය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා නම් කරන්නේ. මේවන විට මාධ්‍ය මගින් ජනාධිපතිවරණයක් තිබෙන බව වාර්තා වෙන නිසා එක්සත් ජාතික පක්ෂය ලෙස ඊට සූදානම් වෙනවා. පොදු අපේක්ෂකයෙකුට සහය දෙන්න තීරණක් අරගෙන නෑ. සෝභිත හිමි සමඟත් විපක්ෂයේ පක්ෂ සමඟත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.

ජනාධිපතිවරණයට මුහුණ දෙන්න එජාපයට පුළුවන්ද?

ඊට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් එජාපයට තියෙනවා. ඒක පසුගිය ඌව මැතිවරණයෙනුත් පැහැදිලි වුණා. ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කළහැකි විපක්ෂයෙන් සන්ධායක් ගොඩනැගීමයි. ඊට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස එජාපය පෙරමුණ ගන්නවා. විපක්ෂයේ සියලු පක්ෂ එකතුවී සන්ධාන ගත වෙන්න සාකච්ඡා කරනවා.     

 

Rate this item
(0 votes)
Last modified on Friday, 24 October 2014 08:50