September 16, 2019

"රනිල් ඩයස්පෝරාව හමුවූ ඡායාරූපය බොරුවක්" - එංගලන්තයෙන් ප්‍රකාශයක්

පසුගියදා එංගලන්ත සංචාරයක නිරතවු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දෙමල ඩයස්පෝරාව හමුවූ බවට ලංකාවේ පුවත්පතක් පලකල පුවත එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ දැඩි පිළිකුලට ලක්ව ඇත.විශේෂ ප්‍රකාශයක් කරමින් එංගලන්ත එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ රොෂාන් සමන්ත යාපා මහතා සඳහන් කර ඇත්තේ තම නිලධාරි මණ්ඩලය සමග ගත් ඡායාරුපයක් වෙනස්කොට එය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ දෙමල ඩයස්පෝරාව සමග ගත් ඡායාරුපයක් ලෙස පල කර ඇති බවය.
 
රොෂාන් සමන්ත යාපා මහතාගේ ප්‍රකාශයේ පහත සඳහන් කරුණුද ඇතුලත්වේ.
 
"මෙම ඡායාරුපයේ සිටින මා ඇතුලු එංගලන්ත එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ නිලධාරි මණ්ඩලය (දකුණේ සිට වමට) ගරු සභාපති හර්ශන කන්නන්ගර මහතා , එක්සත් ජාතික පක්ෂ නායක  රනිල් වික්‍රමසිංහ මහතා , භාණ්ඩාගාරික (ජාතික යොවුන් පෙරමුණ ) රොෂාන් සමන්ත යාපා, ගරු ලේකම් දර්ශන් ඩැනියල් මහතා සහ විධායක සභික ඉන්දික කුමාර මහතා දෙමල ඩයස්පෝරාව නියොජනය කරන්වුන් නොව ලන්ඩනයේ දෙමල ඩයස්පෝරාව ගෙන යන වැඩපිලිවෙලට විරුද්ධව නිරන්තරයන් සටන්කොට ඒකිය ලංකාවක් වෙනුවෙන් තම යුතුකම ඉටුකරන එක්සත් ජාතික පක්ෂ නිලධාරින් බව මතක් කරනු කැමත්තෙමි.
 
මව්බිම වැනි  පාදඩ කැලැ පත්තර ගෙනයන මෙවැනි ප්‍රචාර වලට නොරැවටෙන ලෙසත්  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිරුපය බිදදැමිම සදහා ගෙනයනු ලබන මෙවෙනි තුප්පහි දේශපාලන උත්සහයන් පිලිකුලෙන් යුතුව හෙලාදකින ලෙසත් ඉල්ලා සිටිමි.තවද අලස් මහතා වැනි අප අදත් පක්ෂ බේදයකින් තොරව ගරු කරන  පුද්ගලයකුගේ දරුවන් විසින් ලංකවේ වගකිවයුතු මාධ්‍ය  ගණිකා ව්‍යාපාරයේ යෙදවිම මහත් පිලිකුලෙන් යුතුව හෙලාදකින අතර ඒපිලිබදව අවසාන නිගමනයකට එළඹීම  ඔබට භාර කරමි."
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 October 2014 10:55
DLB Desktop