May 24, 2019

'රනිල්ට ඉල්ලන්න තවම අවසර නෑ' - රවී 

ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න තවමත් සාකච්ඡා කරන බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. 

ඔහු ඒ බව සඳහන් කළේ ඒෂියන් මිරර් සමඟ පැවති සාකච්ඡාවකදීය.

මේවන විට රජය ජනාධිපතිවරණයක් පවත්වන බවට ඉඟි පළ කර තියෙනවා. මේ සඳහා පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සූදානම්ද ?

අපි ඕනෑම මැතිවරණයකට සූදානමින් ඉන්නේ. ඌවේ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලැබූ ඡන්ද සංඛ්‍යාවෙන් ඒ බව පෙනී ගියා. ඒනිසා අපි පක්ෂයක් ලෙස කොයි මැතිවරණයකටත් සූදානම්.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණකදී එජාපයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරන්නවාද නැත්නම් පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් අරගෙන තිබෙනවාද?

අපි ඒ පිළිබඳ තවම කිසිදු තීරණයක් අරගෙන නෑ. තාම පක්ෂයේ සියලු දෙනා සමඟ කතා කරමින් යනවා. ඒ ගැන දැනට කියන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටද තවම තීරණයක් ගෙන නැහැ. මොකද විවිධ මත ඉදිරිපත් වුණ නිසා සාකච්ඡා කර තීරණයක් ගන්නවා.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 14 October 2014 13:43