August 18, 2019

පොදු අපේක්ෂකයා කුමාර් ගුණරත්නම්? - පුබුදු ජයගොඩ 

ඉදිරි ජනාධිපතිවරණයේදී වමේ පක්ෂ එකතුවී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් එම පොදු අපේක්ෂකයා ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් කුමාර් ගුණරත්නම් ගුණරත්නම් නම් කිරීමට යෝජිත බවත් එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඒෂියන් මිරර් සමඟ පැවති සාකච්ඡාවකදීය.

කුමාර් ගුණරත්නම්ට මෙරටට ඇතුළු වීම තහනම් කරමින් අසාදු ලේඛණයට අතුලත් කර ඇතැයි විවිධ මාධ්‍ය වාර්තා කළා. ඒ සම්බන්ධයෙන් ඇත්ත තත්ත්වය මොකක්ද?

කුමාර ගුණරත්න්ම් අසාදු ලේඛණයට අතුලත් කළ ඇති බවට පළ වන වාර්තා සියල්ල අසත්‍යයි. ඒ පිළිබඳ කිසිදු ආරංචියක් මේ වනතෙක් ලැබිලා නෑ. කුමාර ගුණරත්න්ම් අසාදු ලේඛණයට අතුලත් කළැයි කියන කතාව රජය කියන බොරුවක්.

මේවන විට ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සාකච්ඡා පවත්වමින් සිටිනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද?

ජනාධිපතිවරණයට වමේ පක්ෂ එකතු වෙලා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වෙනුවෙන් වමේ පක්ෂ රැසක් සමඟ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. කොමියුනිස්ට් පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක් වී පොදු අපෙක්ෂයෙකු නම් කරන්න තීරණය කරලා තියෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පොදු අපේක්ෂයා ලෙස නම් කරලා තියෙන්නේ කුමාර් ගුණරත්නම්වයි. ඊට අමතරව අපි මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමට සූදානම්.

කුමාර් ගුණරත්නම් ලංකාවට එන එකේ අරමුණ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්නද?

පක්ෂයක් ලෙස ඉකුත් කාලය පුරාම කුමාර් ගුණරත්නම් මහතා මෙරටට ගෙන්වා ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කටයුතු කළා. කුමාර් ගුණරත්නම් ලංකාවට එන්න කැමතියි. පක්ෂය ලෙස ඔහු ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණ ජනාධිපතිවරණය විතරක් නෙමෙයි. පක්ෂයේ ඉදිරි පෙළගැස්ම සිදු කිරීමට ඔහු ගෙන්වා ගැනීමේ අරමුණයි. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 13 October 2014 12:58