December 12, 2018

කරළියෙන් එහා: දැඩි විදේශ බලපෑම් - දේශපාලන අර්බුදය තවත් දිග්ගැස්සෙයි

මේවන විට දේශපාලනයේ අන්කවරදාකටත් වඩා ගැටලුකාරී තත්ත්වයකට රට මුහුණ දෙමින් සිටියි. දේශපාලන කරළියේ උණුසුම දිනෙන් දින පැයෙන් පැය වේගයෙන් වෙනස් වෙමින් පවතී. ඊටත් වඩා මේ වනවිට එක් ප්‍රශ්නයක් අරඹයා විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බරපතළ තත්ත්වයක් උද්ගතව තිබේ. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර පවතින අර්බුදය විසඳීමේ වගකීම අධිකරණය මත පැටවී තිබෙන අතර ඒ නිසා අධිකරණය ද ඊට මැදිහත් වී තිබේ. මේ ගැටලුකාරී තත්ත්වය නිසා රට තව තවත් අගාධයකට ඇද වැටෙන තත්ත්වයකට පත්ව ඇතැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. නව දේශපාලන තත්ත්වය හේතුවෙන් ව්‍යාකූලතාවයක් හට ගැනුණු තැන ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ වැඩි ගණනක විරෝධය පළවිය. ජනාධිපතිවරයාගේ පියවරට සහාය දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය පමණි. ඒ අනුව අධිකරණ ක්‍රියාදාමය ගැනීම එම පක්‍ෂ කටයුතු කළේය. අධිකරණ ක්‍රියාවලිය නිම නොවූවද ඉකුත් 14 වැනි දින යළිත් පාර්ලිමේන්තුව රැස්කිරීමට කතානායක කරු ජයසූරිය පියවර ගත්තේය. ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධය මැද කතානායක කරු ජයසූරිය අගමැති මහින්ද රාජපක්‍ෂට සහ ඇමැති මණ්ඩලයට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට කටයුතු කළේය. ගාලගෝට්ටි නීතිතර්ක විතර්ක හා බාධා මැද විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව පසුව කතානායකවරයා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. එම තීන්දුව කතානායකවරයා බදාදා පස්වරුවේම ජනාධිපතිවරයා වෙත යැව්වේය. අවසානයේදී ජනාධිපතිවරයාට කළ යුතුව තිබුණේ ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමය. ඒ හැර වෙනත් යමක් ඔහුට නැතැයි දේශපාලන විචාරකයෝ තර්ක මතු කළෝය. එහෙත් විධායක ජනාධිපතිවරයා තවත් කුමන හෝ දේශපාලන තුරුම්පුවක් ඉදිරියේදී ගනු ඇතැයි ද ඔවුහු සැක පහළ කරමින් සිටිති.

ලංකාවේ අභ්‍යන්තර වැඩ ගැන දැඩි විදේශ බලපෑම්

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විදේශ රටවල අවධානය මුල සිටම පැවතියේය. බටහිර රටවල් මෙන්ම ශ්‍රී ලංකාවට සමීප ඉන්දියාව වැනි රටවල් ද අභ්‍යන්තරික වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් වෙමින් සිටින බව දේශපාලන විචාරකයෝ පවසති. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන විමල් වීරවංශ වැනි මන්ත්‍රීවරු ද ඒ පිළිබඳව ඉකුත් දා විවිධ ප්‍රකාශ සිදුකළහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැනගැනීම පිළිබඳවද විදේශ රටවල් විශේෂ උනන්දුවක් දක්වා තිබිණ. පසුගිය සඳුදා සහ අඟහරුවාදා යන දින දෙකේම විදෙස් ජනමාධ්‍ය ආයතන නියෝජිතයෝ, මාධ්‍යවේදීහු සහ තානාපති අංශ නිලධාරීහු කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියහ. එපමණක් නොව පාර්ලිමේන්තු රැස්වීම පැවැති ඉකුත් බදාදා දිනයේදීද විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු රැසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ. මේ අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීම පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව ඇමරිකාව ද සඳහන් කර තිබිණ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ පිළිබඳව සඳහන් කළේය.

එපමණකින් නොනැවතුණ ඇමරිකාව අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළේය. පාර්ලිමේන්තුව කල් තැබුණ අවස්ථාවේදී ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණේ “පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසය”. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබුණේ මෙසේය. “දේශපාලන අර්බුදය උග්‍රකරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ විශ්වාසදායී හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරුකළ යුතු බව අපගේ විශ්වාසයයි”. මේ අතර ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත එලියට් එංගල්ගේ මූලිකත්වයෙන් යුත් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවා තිබිණ. “ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින අර්බුදය පිළිබඳව සිය අවධානය යොමු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ අධිපත්‍යයට ගරුකරන ලෙසත් එම ලිපියේ සඳහන් කර ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව නව විදේශ කටයුතු ඇමැති ආචාර්ය සරත් අමුණුගම ඉකුත් දා කොළඹ තානාපති නිලධාරීන් දැනුම්වත් කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට ආරාධනා කළ තානාපතිවරුන්ගෙන් කිහිප දෙනෙකුම පැමිණ සිටියේ නැත.

ප්‍රංශය, ඇමරිකාව, ඇතුළු බටහිර ප්‍රධාන පෙළේ රටවල් ද ඇතුළු රටවල් 8ක තානාපති නිලධාරීන් එම සාකච්ඡාව වර්ජනය කළ අතර කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් එම සාකච්ඡාවට යවා තිබුණේ කනිෂ්ඨ නිලධාරියෙක් බවද විදේශ ජනමාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබුණේය. ඒ පිළිබඳව දේශපාලන මතධාරීන් සඳහන් කර තිබුණේ නව ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා විදේශ රටවල් එවැනි පියවරක් ගෙන තිබූ බවය.

ජනපතිගේ ගැසට් පත්‍රය දැක මැ.කො පුදුම වෙයි

පාර්ලිමේන්තුව විසුරුවාහැර මහා මැතිවරණයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශාල මත ගැටුමක පැටලී සිටියේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත්වීමට පැය කිහිපයකට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ජනාධිපති කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. ඉක්මනටම පැමිණ ජනාධිපතිවරයා හමුවන්නැයි එම දුරකතන පණිවුඩයෙන් කියැවිණ. ඒ අනුව සිකුරාදා රාත්‍රී අටට පමණ මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරයාගේ නිලනිවසට ගියේය. එහි යනවිට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සහ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ද ජනාධිපතිවරයා සමඟ සිටියේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පෙන්නුවේය. ඒ අවස්ථාවේ ඔහු පුදුමයට පත්වූවද ජනාධිපතිවරයා ඉදිරියේ අදහස් ප්‍රකාශ නොකිරීමට වගබලා ගත්තේය. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ නාමයෝජනා කැඳවීම ඡන්දය පැවැත්වෙන දිනය ද සඳහන් වී තිබුණේය. දේශප්‍රිය දින වකවානු ගණන් හදා බැලූ අතර ඒවා යොදා තිබූ ආකාරයේ ගැටලුවක් නොතිබූ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව මහින්ද දේශප්‍රිය දුරකතනයෙන් මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන්ට විශේෂ පණිවුඩය දැනුම් දුන්නේය. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඒ වනවිට යාපනයේ සිටි අතර ජනාධිපති නීතිඥ නලින් අබේසේකර කොළඹ සිටියේය. මහින්ද දේශප්‍රියගේ පණිවුඩය ඇසීමෙන් ඔවුහු කලබලයට පත් වූහ.

පසුවදා එනම්, සෙනසුරාදා කොමිසම රැස්වූ අවස්ථාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර මත ගැටුමක් හට ගත්තේය. අවසානයේදී කොමිසම තීරණය කළේ මැතිවරණ කටයුතු සඳහා සහභාගී නොවීමටය. ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට බලය පැවරීමට තීන්දු වූ අතර ජනාධිපතිවරයාගේ මැතිවරණය කැඳවීමේ ලියවිල්ල පදනම් කර ගනිමින් ඔහුටම ඡන්ද කටයුතු කරගෙන යෑමට තීන්දුවිය. එහෙත් එම බලය පැවරීමේ ලියවිල්ල පවා මහාචාර්ය රත්නජීවන් හූල් අත්සන් නොතැබීය. අනෙක් සාමාජිකයන් දෙදෙනා පමණක් අත්සන් තැබූ අතර මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වීමේ කටයුතු මගහැර සිටීමට එය උපක්‍රමයක් කර ගත්තේය. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කල්තියාම අනුමාන කර තිබිණ. එහෙත් කොමිසමේ සාමාජික හූල් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනු ඇතැයි කොමිසමේ අනෙකුත් සාමාජිකයන් දැන සිටියේ නැත. මහාචාර්ය හූල් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ පුරවැසියකු ලෙස පමණක් නොව මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ද ලෙසය. දේශපාලන මෙන්ම නීති විශාරදයන්ද පෙන්වා දී තිබුණේ එය තරමක් සුවිශේෂ තත්ත්වයක් බවය. 

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන අවස්ථාව දැකබලා ගැනීමට ඉකුත් සඳුදා සහ අඟහරුවාදා පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු බහුතරයක්ම ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබුණ අතර ඒ පිළිබඳව නීතිඥයෙක් තවත් නීතිඥයෙකුගෙන් කරුණු විමසීමක් කළේය. “අද මුළු දියවන්නාවෙම කට්ටිය මෙතනට ඇවිල්ලා” යැයි ඔහු සිනා සෙමින් පිළිතුරු දුන්නේය.

මේ අතර ඉකුත් සඳුදා පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටි හිටපු ඇමැති ගයන්ත කරුණාතිලක අසුනක වාඩි වී සිටියේය. ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෝමීන් දයාශ්‍රී උසාවියට පැමිණිය ද ඔහුට අසුන් ගැනීමට අසුනක් තිබුණේ නැත. ඔහු ගයන්ත කරුණාතිලකගේ කණට කොඳුරා යමක් කීවේය. ඔහු කීවේ තමන්ට අසුනක් අවශ්‍ය බවය. ගයන්ත නිහතමානීව ගෝමීන්ට අසුන පිරිනැමුවේය. එහෙත් ගෝමීන් දයාශ්‍රී අසුනෙක් නැඟිට විටින් විට එළියට ගියේය. එළියට යන හැම අවස්ථාවකම අසල හිටගෙන සිටි ගයන්ත කරුණාතිලක අසුන් ගත්තේය. නැවත ගෝමීන් පැමිණි විට ඔහුට ආසනය දුන්නේය. අවස්ථා කිහිපයකදීම එලෙස කටයුතු කළ ගයන්තට එය තරමක අපහසු දෙයක් වන්නට වූයේය. ඒ නිසා ඔහු අසුන සම්පූර්ණයෙන්ම අතහැර උසාවි පරිශ්‍රයෙන් ඉවත්ව ගියේය. මේ අතර උසාවි පරිශ්‍රයට පැමිණ සිටි එජාප ආධාරකරුවෝ පිරිසක් උදය ගම්මන්පිලට විරෝධය පෑහ. මේ අතර වාසුදේව නානායක්කාරට ද එජාප ආධාරකරුවෝ හූ කියන්නට වූහ. කේන්තියට පත් වාසුදේව පරුෂවචනයෙන් ඔවුන්ට බැණ වැදී ඉවත්ව ගියේය.
ඉකුත් 14වෙනිදා පෙරවරු 8.30ට කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමට පක්ෂ නියෝජිතයෝ සියලු දෙනාම පැමිණ සිටියහ. “ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවාදැයි” ජවිපෙ නායකයා විමසීය.

පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක්

ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවසීය. අනතුරුව තම පක්ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බවද පක්ෂ නායක රැස්වීමේදී අනුර දිසානායක දැනුම් දුන්නේය. එදින සභාවේ න්‍යාය පත්‍රය තීරණය කිරීම මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් සිදුකළ යුතු බවද තීරණය විය. මේ අතර පක්ෂ නායක රැස්වීම අවසන්වී එළියට එන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ඇමතිවරයෙක් අනුරට කියා සිටියේ “ඔයාලට පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවල විශ්වාසභංගය ගේන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා” ලෙසය. 

14වෙනි දින පෙරවරුවේ විජිත හේරත්ගේ සහ අනුර දිසානායකගේ අත්සනින් විශ්වාසභංගය කතානායකවරයාට බාරදෙනු ලැබීය. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු සභාව ගාලගෝට්ටියක් වූ අතර පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත වූ නිසා ජවිපෙ නායකයා විසින් විශ්වාසභංගය කියවීය. අනතුරුව එය විවාදයට ගත යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු එයට ඉඩ නොදුන්හ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිහිටුවාගත් ආණ්ඩුවට බහුතර මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලබාගත නොහැකි බව හැඟී යන බව කතානායකවරයා ප්‍රකාශයට පත්කළේය. මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් විසින් සම්මත කළ අතර වැඩිදුර කටයුතු සඳහා මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් යොදා විශ්වාසභංගය තහවුරු කළේය. විශේෂත්වය වූයේ මහින්ද රාජපක්ෂට සහය පළකළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාසභංගයට අත්සන් කිරීමය. 

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලගේ ජයග‍්‍රහණයක්

88-89 අරගලයේදී දිවිපිදූ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයින් ස්මරණය කෙරෙන ඉල්මහ විරු සමරුව යෙදී තිබුණේ 13වෙනි දිනය. එදින පස්වරුවේ පක්ෂ නායකයින් ඇතුළු පිරිස විහාරමහ දේවි එළිමහන් රංගපීඨයට රැස්වූයේ සමරු උත්සවය සඳහා. මේ අතර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ජවිපෙ ඇතුළු පාර්ශව ගණනාවක් විසින් ගොණු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගත් දෙවැනි දිනය වූයේද 13වෙනිදා ය. ජවිපෙ නීති කටයුතු සම්බන්ධීකරණය කළ නීතිඥ සුනිල් වටගල විජිත හේරත්ට දුරකතනයෙන් ඇමතුවේ සමරු උත්සවය අතරතුරදීය. ”තීන්දුවක් දෙන්න ළගයි. උසාවියට කවුරුහරි එන්න ඕනෑ.” වටගල කීවේය. ඒ අනුව සමරු උත්සවයේ න්‍යාය පත‍්‍රයේ පළමුව යෙදී තිබූ විරුවන්ට පුෂ්පෝපාහාර සිදුකිරීමෙන් පසුව සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා අධිකරණය වෙත යෑමට පිටත් විය.
සමරු වැඩසටහනේ ජවිපෙ නායක අනුර දිසානායකගේ සමරු දේශනයෙන් අනතුරුව ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ සමරු දේශනය ආරම්භ විය. දේශනය අතරතුර අධිකරණයේ සිටි බිමල් රත්නායකගෙන් අනුර දිසානායකට දුරකතන ඇමතුමක් ලැබුණේය. එම පණිවුඩය අනුර දිසානායක විසින් ටිල්වින් සිල්වාට දැනුම් දුන්නේ කතාව අතරතුරදීය. ”මේ වෙලාවේ අපිට සුභ ආරංචියක් තියෙනවා.” ටිල්වින් සිල්වා පවසන විටම සමරු උත්සවයේ සිටි පරිසර ඔල්වරසන් දෙන්නට විය. එම හ`ඩ මැද්දේ ප‍්‍රධාන ලේකම් අධිකරණ තීන්දුව දැනුම් දුන්නේය. ”ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ඉතාම සතුටුදායක ආරංචියක්. අධිකරණයේ ස්වාධීනත්වය ප‍්‍රකාශ කරලා තිබෙනවා. මෛත‍්‍රීපාල ගහපු ගැසට් එක අත්හිටුවලා නඩුව අහන්න තීරණය කරලා තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කළ සියලූ දෙනාට අපේ ආචාරය පිරිනමනවා.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

ජවිපෙ මන්ත‍්‍රීන් හදිසියේම කතානායක නිල නිවසට

සමරු දේශනයෙන් පසුව සමරු ගී ප‍්‍රසංගය ආරම්භ වූ අතර ජවිපෙ නායකයින් ඒ මොහොතේදීම රැුස්වී අධිකරණ තීන්දුවත් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡුා කළේය. ”අධිකරණ තීන්දුව අනුව පාර්ලිමේන්තුව නැවත බලාත්මකයි. ජනාධිපතිවරයා විසින් නිකුත්කළ ගැසට් එකක් තිබෙනවා 14වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අපි කතානායකවරයාගන් ඉල්ලීමක් කරමු. මොකද පළමුව මේ ප‍්‍රශ්නය විසඳගන්න වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ.” අනුර දිසානායක කියා සිටියේය. පසුව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කතානායක නිල නිවසේදී කතානායක හමුවීමට තීරණය කළ අතර රාත‍්‍රී 7.30පමණ වන විට නිල නිවසට ළඟා විය. එහිදී පැයකට ආසන්න කාලයක් සාකච්ඡුාවක නිරත වූ අතර 14වෙනිදා පාර්ලිමේන්තුව කැඳවීමටත් පක්ෂ නායක රැුස්වීමක් කැඳවීමටත් කතානායකවරයා තීරණ කළේය. මේ අතර තවත් පක්ෂ කිහිපයක නායකයින් එදින රාත‍්‍රියේ කතානායක නිල නිවසට පැමිණියහ. එදින රාත‍්‍රියේ ජවිපෙ නායකයින් ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡුාවක නිරතවීය. ”කුමන්ත‍්‍රණය අධිකරණයේ පරාජය කරලා තියෙන්නේ. ඒක පාර්ලිමේන්තුවේදීත් පරාජය කරන්න ඕනෑ” ලාල්කාන්ත කීය. ”අධිකරණ තීන්දුවට අනුව දැන් පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මකයි. ජනාධිපති පත්කළ අගමැති පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා විශ්වාසභංගයක් බාරදෙමු” බිමල් යෝජනා කළේය. ”ඔව්, අපි වෙන කවුරුත් කරන කල් ඉන්න ඕන නෑ. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ගත හැකි සියලූ ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. ඒ අනුව නීති විරෝධීව පත්කළ අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදිය යුතු බව තීරණය කළහ.

රීති අත්හිටුවා විශ්වාසභංගය ගෙනඒමට හැකි බව එජනිසයම පිළිගෙන තිබේ

14වෙනිදා පෙරවරු 8.30ට කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැුස්වීමට පක්ෂ නියෝජිතයින් සියලූ දෙනාම පැමිණ සිටියහ. ”ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරනවාදැයි” ජවිපෙ නායකයා විමසීය. ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවසීය. අනතුරුව තම පක්ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාශභංගයක් ඉදිරිපත් කරන බවද පක්ෂ නායක රැුස්වීමේදී අනුර දිසානායක දැනුම් දුන්නේය. එදින සභාවේ න්‍යාය පත‍්‍රය තීරණය කිරීම මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් සිදුකළ යුතු බවද තීරණය විය. මේ අතර පක්ෂ නායක රැුස්වීම අවසන්වී එළියට එන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල ඇමතිවරයෙක් අනුරට කියා සිටියේ ”ඔයාලට පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවල විශ්වාශභංගය ගේන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තියෙනවා” ලෙසය.
14වෙනි දින පෙරවරුවේ විජිත හේරත්ගේ සහ අනුර දිසානායකගේ අත්සනින් විශ්වාසභංගය කතානායකවරයාට බාරදෙනු ලැබීය. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු සභාව ගාලගෝට්ටියක් වූ අතර පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත් වූ නිසා ජවිපෙ නායාකයා විසින් විශ්වාසභංගය කියවීය. අනතුරුව එය විවාදයට ගත යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු එයට ඉඩ නොදුන්හ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිහිටුවාගත් ආණ්ඩුවට බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලබාගත නොහැකි බව හැගී යන බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කළේය. මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත‍්‍රීවරුන් විසින් සම්මත කළ අතර වැඩිදුර කටයුතු සඳහා මන්ත‍්‍රීවරුන් 122කගේ අත්සන් යොදා විශ්වාසභංගය තහවුරු කළේය. විශේෂත්වය වූයේ මහින්ද රාජපක්ෂට සහය පළකළ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාසභංගයට අත්සන් කිරීමය. මෙයින් රාජපක්ෂ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බහුතරය නැති බව දැන් සනාථ වී හමාරය.

ජනාධිපතිවරයාගෙන් කතානායක හරහා විජිතට ඇමතුමක්

14වෙනිදා රාත‍්‍රීයේ ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත්ට කතානායක කාර්යාලයෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ කතානායකවරයාට ජවිපෙ නායකයාට ලබාදිය යුතු පණිවිඩයක් ගැන කීමට ලැබුණ ඇමතුමකි. ”ජනාධිපතිතුමා මට කතා කළා. හරිම සැහැල්ලූවෙන් කතා කලේ. පක්ෂ නායක රැුස්වීමක් කැඳවන්න ඕනෑ කිව්වා. අනුරටත් කියන්න කියලා ජනාධිපතිතුමා කිව්වා.” කතානායකවරයා විජිතට කීය. විජිත හේරත් අනුරට ඇමතුමක් ලබාදුන් අතර අනුර ඒ මොහොත් සිටියේ විශේෂ රූපවාහිනී වැඩසටහනකය. මේ බව විජිත හේරත් විසින් ටිල්වින් සිල්වාටද දැනුම් දුන්නේය. මේ අතර රාත‍්‍රියේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට පිළිතුරු ලිපියක් යොමු කොට තිබිණි. එයින් කියැවුණේ අගමැති පත්කිරීමට කතානායකවරයාගේ අනුමැතිය අවශ්‍ය නොවන බව ඇතුළු තවත් කරුණු කිහිපයක්ය. මෙම ලිපියෙන් අනතුරුව ජවිපෙ නායකයින් ජනාධිපතිවරයාගේ රැුස්වීමට සහභාගි නොවීමට තීරණය කළේය. ”දැන් කුමන්ත‍්‍රණයේ ඉතිරි පියවරත් පටන් අරගෙන තිබෙන්නේ. දැන් රටේ නීති, ව්‍යවස්ථා, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් මෛත‍්‍රීපාල සිරිසේනට අදාල නැහැ. එයාගේ කතා අහන්න ගිහින් වැඩක් නැහැ. උවමනාව හොඳමටම පැහැදිලියි.” මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජවිපෙ නායකයා කියා සිටියේය.

Rate this item
(1 Vote)