August 17, 2018

එජාප කෘත්‍යාධිකාරියට අලුත් මුහුණු 9ක්! රනිල් බුද්ධිකවත් නම් කරයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් ලෙස ඊයේ (31) දින තවත් තරුණ දේශපාලන මන්ත්‍රිවරුන් 09 දෙනකු පත් කිරීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

සිරිකොත මූලස්ථානයේ ඊයේ (31) පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ පත් කිරීම් සිදුකර ඇත.

ඒ අනුව නව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් ලෙස බුද්ධික පතිරණ (මාතර), ලකී ජයවර්ධන (නුවර), සිඩ්නි ජයරත්න (මැදිරිගිරිය), තුසිතා විජේමාන්න (කෑගල්ල), අජිත් මාන්නප්පෙරුම (ගම්පහ), ඒ.ඒ. විජේතුංග (රත්නපුර) සහ දුනේෂ් ගන්කන්ද යන අය දිස්ත්‍රික්ක මට්ටමින්ද, දේශපාලන මණ්ඩල සභිකයකු වන නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලයටද පත්කර තිබේ.

මීට අමතරව පක්ෂයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික ඇතුළු අලුතින් පත්කළ යුතු නව පත්කිරීම් කිහිපයක්ද සිදු කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 June 2018 09:46