June 18, 2018

ජනපති යහපාලන ආණ්ඩුව පතුරු ගහයි - සියල්ල හෙළි කරමින් ජනපති කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය (Video)

තමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම්දී කළ යුතුව තිබු ප්‍රථම රාජකාරිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුව දින100 වැඩපිළිවෙල ගෙනා නිසා එය මගහැරුණේ යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව දින 100 වැඩපිළිවෙල මෝඩ වැඩක් යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද පැවැති සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ  76 වැනි ජන්ම දිනය සැමරුම් උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“මෙම උත්සව අවස්ථාවට මට නිල වශයෙන් ආරාධනා නැහැ. සෝභිත නා හිමියන් හා මා අතර තියෙන සම්බන්ධයට පොදු අපේක්ෂකයා වීමටත් වසර ගණනාවකට පෙර සිට පැවැති දෙයක් මෙතැනදී අනුශාසනාවක් කළ හිමි නමක් කිව්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත් නිසා යහපාලන රොටිය කර වුණා කියලා.කරවුණා නෙවෙයි කර කළා. පොදු අපේක්ෂකයා ජනාධිපති කරලා ආණ්ඩුවක් පිහිටුවගේන මහ බැංකුව  කඩන්න කියලා සෝභිත හාමුදුරුවෝ කිව්වේ නැහැ.‘ 

එම වීඩියෝව පහතින් නරඹන්න,

Rate this item
(0 votes)
Last modified on Thursday, 31 May 2018 17:29