October 22, 2018

ශ්‍රීලනිපය හෙට ආණ්ඩුවෙන් ඉවත් වෙයි? 16දෙනාගේ සහය මහින්දට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු යෝජනා 15කට හෙට (17) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුමැතිය ගැනීමට නියමිත බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු වෙනස් කරමින් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ආරම්භ කිරීම ඇතුළු කරුණු 15ක යෝජනාවක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප ඇමැතිවරු 16 දෙනා විසින් ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාරදී තිබේ.

එම කරුණු 15 පිළිබඳව මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව ඉන්ධන මිල වැඩිවීම, බදු බර ජනතාව මත පැටවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන්ද මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට සූදානම් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට රාත්‍රි 7.00ට ජනාධිපති නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

16දෙනාගේ සහය මහින්දට

විපක්‍ෂයේ අසුන්ගත් 16 දෙනා ඉදිරි මැතිවරණ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සමඟ එකට එක්ව තරග කරන්න තීන්දු කර තිබෙන බව හිටපු අමාත්‍ය, ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසී ය.

කෙසේ වෙතත් අවශ්‍ය අවස්ථාවේදී තමන් සහාය දෙන ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව පසුගියදා ඇමැති ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසති.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයකු වන බව හිටපු අමාත්‍ය, එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 May 2018 10:34