August 14, 2018

ඒකාබද්ධයේ මන්ත්‍රීන්ට මහින්දගෙන් හදිසි කැඳවීමක්! ශ්‍රීලනිපයෙන් 16දෙනාට ආරාධනා නෑ

ඒකාබද්ධ විපක්ෂය විසින් ගාල්ලේ පවත්වන මැයි රැළියට ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 16දෙනාට ආරාධනා නොකළ බව හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එසේම නිදහස් පක්ෂයේ මැයි රැළියට එක් නොවන බව ද කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.

වර්තමානයේ සියලු වෘත්තීය අයිතිවාසිකම් නැතිකරමින් යන බවත් මොන සංශෝධනය කළත් නැවත රට ගොඩ නැගීමට නොහැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීම හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිට නිවසේදී අද පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලනික සැළසුම් සහ ගාල්ලේදී පැවැත්වීමට සැළසුම් කර ඇති මැයි දින රැළිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසී ය.

Rate this item
(4 votes)
Last modified on Thursday, 10 May 2018 10:05