April 20, 2018

තොණ්ඩමන් - එජාපය සමග ඩීල් එකක: ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකින් රතු එළියක්

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියේ රුපියල් මිලියන 500ක ඩීල් එකක් හේතුවෙන් බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම ඩීල් මුදල යෝජනා කර ඇත්තේ යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර මහතා විසින් බව වාර්තා වේ.

කෙසේ වුවද ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකළ අතර ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව ප්‍රාදේශීය සභා බලය පිහිටුවන ලදි.

මෙලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සමඟින් එකට හිඳ කටයුතු කරන තොණ්ඩමන් මන්ත්‍රීවරයා එජාපය සමඟද ඩීල් දැමීම දේශපාලන ඉතිහාසයද වෙනස්කළ කාරණාවක් බවත් ඉන් පෙනී යන්නේ ඔහුට බලය ලබා ගැනීමට ඇති දැඩි වුවමනාව බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට වතුකරයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දමිළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් පෙනී සිටින ප්‍රධානතම පුද්ගලයා වන්නේ පලනි තිගාම්බරම් අමාත්‍යවරයායි.

දමිළ ප්‍රගතිශීලි සන්ධානය සතුව මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇති ආසන සංඛ්‍යාව 6කි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී දමිළ ප්‍රගතිශීලි සන්ධානය විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය භාවිත කළ ද ඉදිරි කාලසීමාව තුළ දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය රට තුළ ඇති ප්‍රධානතම පක්ෂවලින් කුමන පක්ෂයක් සඳහා ලබාදේවිදැයි අවිනිශ්චිත බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(4 votes)