December 12, 2018

එජාපය සුපුරුදු ගමනේ: නායකත්වය වෙනස් නොවේ - එජාප සියලු තනතුරු 30 වැනිදායින් අවසන්

එක්සත් ජාතික පක්ෂයේ නායක තනතුර හැර අන් සියලු තනතුරු අප්‍රේල් 30දා දක්වා පමණක් වලංගු බවත් ඉන් පසුව ඒ සියල්ල අහෝසි වන බවත් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

එම නිසා 7 සහ 8 දෙදින ප්‍රතිසංවිධාන සිදුකළ යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩලය සාකච්ඡා කොට තනතුරු සඳහා නව පත් කිරීම් සිදු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

නායකත්වය වෙනස් විය යුතුද නැද්ද පිළිබඳවත් එහිදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවද ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසී ය.

රනිල්ගෙන් අධීක්ෂණ මණ්ඩලයක්

කෙසේ වෙතත් විශ්වාසභංගයට පෙර ප්‍රකාශ කළ ආකාරයටම එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (06), හෙට (07) සහ අනිද්දා (08) යන තෙදින තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතය.

මෙම සියලු ප්‍රතිසංවිධාන කටයුතු දින තුන තුළ කඩිනම් කිරීම සඳහා පූර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටද අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය අනු කමිටු වාර්තා පදනම් කරගෙන මෙම එජාප ප්‍රතිසංවිධාන කටයුතු සිදු කෙරේ.

මෙම අනුකමිටු වාර්තා තුන මඟින් පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා ඉදිරිපත් කළ සියලු වාර්තා සැලකිල්ලට ගෙන අවසන් ප්‍රතිසංවිධාන යෝජනාව ලබන ඉරිදා අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.

Rate this item
(2 votes)
Last modified on Saturday, 07 April 2018 19:48