October 17, 2018

එජාපයේ ඇමැති අජිත් ජනපති හමුවී දීර්ඝ සාකච්ඡාවක

පසුගියදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසු හදිසියේම ජනාධිපතිවරයා හමුවීමට එජාපයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන අජිත් පී පෙරේරා මහතා පැමිණ තිබේ.

ජනාධිපතිවරයා හමුවී නියෝජ්‍ය ඇමැතිවරයා දිගු වේලාවක් සාකච්ඡාවක නිරත වී ඇති බව වාර්තා වේ.

එහිදී පසුගිය ඉරිදා සිදුකළ කැබිනට් සංශෝධනයේදී තමන්ට හිමිවූ ඇමැතිධූරය සහ තමන් එතෙක් දැරූ නියෝජ්‍ය ඇමැති ධූරය ගැන ජනාධිපතිවරයාගෙන් අජිත් පී පෙරේරා ඇමැතිවරයා විමසා තිබේ.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැතිධූරය තිබියදී බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය ඇමැතිධූරය අජිත් පී පෙරේරා මහතාට ලබාදුන් බැවින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැතිධූරය අහිමි නොවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 March 2018 10:36