October 17, 2018

නීතිය හා සාමය ඇමැතිධූරය අයිති එජාපයට! අලුත් ඇමැති ලබන සතියේදී පත් කරයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යංශය ලබන සතියේදී වෙනත් අමාත්‍යවරයකු යටතට පත් කෙරේ.

අම්පාර නගරය මුල් කරගැනීමෙන්ඇති වු සිද්ධියේදී අග්‍රාමාත්‍යවරයාට සිද්ධිය පාලනය කිරීමේ කටයුතු සඳහා දායක වීමට සිදු වු හෙයින් නව අමාත්‍යවරයා පත් කිරීමේ කටයුතු පමා වු බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නීතිය හා සාමය අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමි කැබිනට් අමාත්‍ය ධුරයක් වන අතර ඒ සඳහා නව අමාත්‍යවරයා දිවුරුම් දීම ලබන සතියේදී සිදු වන බව ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් පසුගියදා පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසූවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකක කාලයක් සදහා පමණක් බවත් ඉන් පසු එම අමාත්‍යධූරයට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන බවත් ය.

සරත් ෆොන්සේකා මහතාගේ පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැති බවත් නමුත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Monday, 05 March 2018 10:37