October 22, 2018

එජාප තනි ආණ්ඩුවකට ජනපතිගෙන් අවසර නෑ - අගමැති වෙනස් කරන්නැයි එජාපයෙනුත් ජනපතිට යෝජනා

තනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයට අවසර ලබාදුන් බවට විවිධ මාධ්‍ය හරහා පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර, සම්මුතිවාදී ආණ්ඩුව දිගටම පවත්වාගෙන යනවාද නැද්ද පිළිබදව ජනාධිපතිවරයා මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

එය ජනාධිපති මාධ්‍ය අංශය කල නිවේදනයෙන් තහවුරු වේ.

එහෙත් අග්‍රමාත්‍ය ධූරය පමණක් වෙනස්විය යුතුයැයි එක්සත් ජාතික පක්ෂය තුලින්ම ජනාධිපතිවරයා බොහෝ යෝජනා මේ වන විට ඉදිරිපත්ව ඇත.

කිසිසේත් එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමි නොවන බවද විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබද ජනාධිපතිවරයා විසින් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් ද සිදුකර නොමැති අතර බොහෝවිට ඉදිරි පැය 72 ඇතුළත විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත.

ශ්‍රීලනිප අමාත්‍යවරුන්ද රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධූරය යටතේ ආණ්ඩුවේ සිටීමට ජනාධිපතිවරයාට අසතුට පල කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අයකු යටතේ කැබිනට් මණ්ඩලයේ සිටීමට එකගතාවය පළකර ඇත.

මේ අතර රට සහ ජනතාව ගැන සිතා තමාට වෙනස්කම් රැසක් සිදුකිරීමට සිදුවන බවද ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් ඊයේ සහ අද දිනයේදී හමුවූ අවස්ථාවලදී සදහන් කළ බව ද ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 13 February 2018 13:18