August 15, 2018

ඡන්දෙන් පසු ආණ්ඩුව රත්වෙයි: අගමැති තීන්දුවක් ගනී - අද සවස ජනපති හමුවෙයි - පක්ෂ නායකයින්ටත් දැනුම් දෙයි

ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑමට අද (11) තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය විසින් මෙම තීරණය ගනු ලැබ තිබෙන අතර මෙම තීරණය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටින සියලු පක්ෂවල නායකයන්ට ද දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මෙම තීරණය ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ නායකයන්ටද දැනුම් දීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත තීරණය දැනුම් දීම සඳහා අද (11) පස්වරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිතය.

මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අරලියගහ මන්දිරයේදී අද (11) මෙම සාකච්ඡාව පැවැත්වීය.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ආණ්ඩුව වසර 2020 වනතෙක් පවත්වාගෙන යෑම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කර තිබේ.

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් ජාතික ආණ්ඩුවට ලබා දී තිබෙන පණිවුඩ කෙරෙහි දැඩි අවධානය යොමු කර ඉදිරි දින කිහිපයේදී වෙනස්කම් කිරීම සඳහා ප්‍රබල තීරණ කිහිපයක් ගැනීමට ද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

ජීවන වියදම, විරැකියාව, දූෂණ වංචාවලට එරෙහිව පියවර ගැනීම ආදී කරුණු පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

Rate this item
(3 votes)
Last modified on Tuesday, 13 February 2018 13:19