August 15, 2018

“ගෝඨා දැන් ඇමරිකාවේ“ - 2020 ජනපති අපේක්ෂකයා ගැන මහින්දගෙන් හෙළිදරව්වක් (VIDEO)

ජනතාව ඉල්ලන පුද්ගලයා 2020 ජනාධිපතිවරණයට තම පාර්ශවයෙන් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) හිරු නාලිකාවේ පැවැති විශේෂ සලකුණ දේශපාලන වැඩසටහනට සහභාගීවෙමිනි.

මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නායකයෝ විශාල පිරිසක් සිටින බවත් පිටස්තර පුද්ගලයින්ද ඒ අතර සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

මෙම ඡන්ද ව්‍යාපාරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පේන්න නැත්තේ ඇයිද? යන්න කළ ප්‍රශ්නයේදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ “ගෝඨාභය රාජපක්ෂ මහතත්යා දැනට ඇමරිකාවේ ඉන්නවා. “

යහපාලන ආණ්ඩුව විසින් හිටපු අගමැතිවරයා ඉවත් කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බවද එක් එක් පුද්ගලයන් විසින් බොරු ඉතිහාසයක් නිර්මාණය කරන බවත් හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 01 February 2018 11:20