May 23, 2018

“අර්ජුන් මහේන්ද්‍රන් ගැන මටත් ප්‍රශ්න තියෙනවා“ - බැඳුම්කරය ගැන අගමැති සියල්ල හෙළි කරයි (VIDEO)

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කිරීම ගැන කිසිදු ප්‍රශ්නයක් නොමැති බව බැඳුම්කර විමර්ශන වාර්තාව මගින් සඳහන් කර ඇති බවත් එතුමාට මහ බැංකු අධිපති ධූරය ලබා ගැනීමට සුදුසුකම් තිබූ බවත් එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවෙ ඊයේ(29) රාත්‍රී දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී වෙමිනි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සියයට සියයක්ම ඔබතුමා විශ්වාස කළා? යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා“ ඔහු දක්ෂ පුද්ගලයෙක්. මීට ඉස්සෙල්ලා ආයෝජන මණ්ඩලයේ සභාපති හැටියට ලෙස වැඩකටයුතු කරලා තිබුණා.“

අදවන විට ඒ විශ්වාසය පලුදු වෙලා නැද්ද? යන ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා සඳහන් කළේ “නෑ එතුමා එතන සිටියදී ඇතිවූ සිදුවීම් ගැන මටත් ප්‍රශ්න තියෙනවා.“

එමෙන්ම මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී එංගලන්තයේ වෙස්මිනිස්ටර් ක්‍රමයට අනුව ඔබතුමා ඉවත් වී පරික්ෂණය කලා නම් හොදයි නේද? යන්න ප්‍රශ්නයට පිලිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ තමා ඉවත් විය යුත්තේ ඇමති ධූරයෙන් ද අගමැති ධූරයෙන් ද යන්න පෙරලා එම වැඩසටහන මෙහෙයවූ දිල්කා මහත්මියගෙන් ප්‍රශ්න කළේය.

එම තනතුරු දෙකෙන්ම වුනා නම් හොදයි නේ ද? කියා එහිදි දිල්කා මහත්මිය විමසු අවස්ථාවේ එයට පිලිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ බොන්ඩ් වංචාව සිදු වූ පසුත් නැවත ජනතාව ඡන්දයකින් තමන් පත් කල බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)
Last modified on Thursday, 01 February 2018 11:21