January 19, 2018

“අපිට ගහපු නිසා අපිත් ගැහුවා“ - මැතිසබේ ගුටිකෙලිය ගැන මරික්‌කාර්, චමින්ද සහ හෙක්‌ටර් කියති

“ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අපිට ගහපු නිසා අපිත් ගැහුවා“ යැයි ඊයේ (10) පාර්ලිමේන්තුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දක්‌වමින් එජාප මන්ත්‍රීවරුන් වන එස්‌. එම්. මරික්‌කාර්, චමින්ද විඡේසිරි සහ හෙක්‌ටර් අප්පුහාමි යන මහත්වරු ප්‍රකාශ කළහ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී එස්‌. එම්. මරික්‌කාර් මහතා මෙසේද කියා සිටියේය.

“බැඳුම්කර ගනුදෙනුවට අදාළ තොරතුරු අපිත් දැනගන්න අවශ්‍යයි. අපි පාර්ලිමේන්තුවට ආවේ ගහගන්න නොවේ. ඒත් අපිට ගහද්දි නිකං බලා ඉන්න බෑ ඒ නිසා අපිත් ගැහුවා“ යැයි සඳහන් කළේය.

“පාර්ලිමේන්තුව ගුටි බැට හුවමාරු කර ගන්න තැනක්‌ නොවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ අය ආණ්‌ඩුව කරද්දී අපට එල්ල කළ ප්‍රහාර අමතක නෑ ඒ නිසා අපිට ඕවා හොඳට පුරුදුයි. ඒත් පාර්ලිමේන්තු එන්නේ ඔය වගේ ගුටිබැට හුවමාරු කර ගන්න නොවේ“ යැයි චමින්ද විඡේසිරි මහතා පැවැසුවේය.

Rate this item
(2 votes)