April 20, 2018

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 19 වන ජන්ම දිනය අද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ‍්‍රීමතාණන්ගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උළෙලක් අද (08) පෙරවරුවේ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පළමුව බණ්ඩාරනායක පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.

සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Rate this item
(0 votes)