July 22, 2018

කතානායක හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි - බැඳුම්කර වාර්තාව ගැන විවාද දිනය 09 ප්‍රකාශයට

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 09 වනදා පෙරවරු 10.00ට කතානායකවරයාගේ නිල කාමරයේදී පැවැත්වෙන බව පක්ෂ නායකයන් වෙත ඊයේ (04) පස්වරුවේදී කතානායකවරයා විසින් දැනුම් දී ඇත.

ඊයේ (04) පස්වරුව වනවිට කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම පක්ෂ නායක රැස්වීමට අදාළ කැඳවීම් ලිපි පක්ෂ නායකයන් වෙත යොමුකර තිබේ.

රටේ ආර්ථිකයේ කඩා වැටීමක් ඇතිවී, බරපතළ මූල්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා, කතානායක කරු ජයසූරිය මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීමට අනුව මෙසේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවත්, පාර්ලිමේන්තුව කඩිනමින් රැස්කෙරෙනු ඇතැයි විශ්වාසය පළකරන බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන එම පක්ෂ නායක රැස්වීමේදී බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුව කැඳවන දිනය ලබන ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව ඊයේ (05) ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 07 January 2018 23:28